තොරතුරක් ඇතොත් දැනුම් දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

තොරතුරක් ඇතොත් දැනුම් දෙන්න – පොලිසියෙන් ඉල්ලීමක්

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ පසුගිය මැයි 20 වනදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල මාවතේ දී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට මෙම සැකකරු සම්බන්ධ බවයි.

පුෂ්පරාජ් විග්නේෂ්වරන් නැමති මෙම පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් සැඟව සිටින බවයි පොලිසිය සඳහන් කලේ.

27 හැවිරිදි සැකකරු ජම්පටාවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොහු මාළු වෙළෙඳාමේ නිරතව සිටි අයෙකු වන අතර, දකුණු අතේ පහළ බාහුවේ වැලමිටට පහළින් අලියෙකුගේ මුහුණක රූපයක කැටයමක් පච්චයක් කොටා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාසය – 071 859 1733
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය – 071 85917335
ස්ථානාධිපති විමර්ශන ඒකකය 01 – 071 8596503

Share This