ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312යි

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 312යි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 312ක් ලබාගත්තේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 122 ක් රැස් කළේය.

එය ඔහුගේ 10 වැනි ටෙස්ට් ශතකය ලෙස වාර්තා පොතට එක්වූ අතර ඊට හයේ පහර 3 ක් හා හතරේ පහර 12ක් ඇතුළත් විය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස්කළ අතර සධීර සමරවික්‍රම ශ්‍රී ලංකා පිළ වෙනුවෙන් ලකුණු 36ක් රැස් කළේය.

පන්දු යැවීමේදී, පාකිස්තානය වෙනුවෙන් ෂහීන් ෂා අෆ්රිඩි සහ නසීම් ෂා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )