රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉවෙන් සොරා සොයාගත් චාලි

රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉවෙන් සොරා සොයාගත් චාලි

ගලගෙදර පොලිස් වසමේ හෑදෙනිය සදුන් උයන ප්‍රදේශයේ නිවසක් බිඳ රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරකම් කළ සොරකු අල්ලා ගැනීමට රූපවාහිනිය වසා තිබූ රෙද්දේ ඉව ඔස්සේ ගිය අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ චාලි නම් නිල සුනඛයා සමත් විය .

හෑදෙනිය සඳුන් උයන ප්‍රදේශයේ නිවසක පදිංචි කරුවන් ඔවුන්ගේ එම නිවස වසා දමා බකමූණ ප්‍රදේශයේ නිවසකට පදිංචියට ගොස් නැවත පැමිණි අවස්ථාවේදීයි එම නිවසේ තිබූ වටිනා රූපවාහිනියක් පිත්තල භාණ්ඩ තොගයක් ඇතුළු භාණ්ඩ තොගයක් නිවස බිඳ රැගෙන ගොස් ඇති බවට අනාවරණය වීමෙන් පසු ගලගෙදර පොලිසිය පොලීසියට කළ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සොරුන් ඇල්ලීමට අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සහාය ලබාගැනීමට ගලගෙදර පොලිසිය පියවර ගෙන තිබුණි .

ඒ අනුව අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයට නෙදර්ලන්තයේ සිට පැමිණ පුහුණුව ලබා වසර පහකට ආසන්න කාලයක් සේවය කොට අත්දැකීම් ඇති නිල සුනඛ චාලි ඒ සඳහා යෙදවීමට පියවර ගෙන තිබුණි .

නිවස බිඳ භාණ්ඩ රැගෙන ගෙන ගිය දිනයක් පවා නිසියාකාරව නොදැන සිටි නිවැසියන් පොලීසියට පවසා තිබුණේ නිවසින් සොරාගෙන ගොස් තිබූ රූපවාහිනිය වසා තිබු රෙද්ද බිම දමා ගොස් තිබෙන බවයි .

එම රෙද්දේ ඉව චාලිට ලබාදීමෙන් පසු නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුර ගොස් වැරැල්ලගම ප්‍රදේශයේ නිවසකට ගොස් චාලි ගේ ගමනාන්තය නිමා කොට තිබුණි .

ඒ අනුව එම නිවස පරික්ෂා කිරීමේ දී අදාළ නිවසෙන් සොරාගන්නා ලද භාණ්ඩ වලින් කොටසක් එම නිවසේ තිබී පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර එම නිවසේ සිටි පුද්ගලයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය කියයි .

අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල මහතාගේ උපදෙස් පරිදි විමර්ශන භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක බොතේජු මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 67126 නලින් විජේසිරි මෙහෙයුම දියත් කළේය .