රජයේ දීමනා ලබාදීම ගැන දැනුවත් කිරීමක්

රජයේ දීමනා ලබාදීම ගැන දැනුවත් කිරීමක්

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස් කරන තුරු “අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන යටතේ වකුගඩු රෝගී, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා නොවෙනස්ව, ඉදිරි දින කිහිපය තුළ ගෙවිම සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසවා.

පෙර පැවති පරිදි පුද්ගලයන් 647,683ක් සඳහා ගෙවීමට ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

පොරොත්තු ලේඛන ද ඇතුලත්ව 517,962 දෙනෙකු සඳහා වැඩිහිටි දීමනාවත්, 88,602 දෙනෙක් සඳහා ආබාධිත දීමනාව හා 41,119 දෙනෙක් සඳහා වකුගඩු රෝගී දීමනාවත් ලබා දීමට නියමිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මගින් ද ආබාධිත සහ වකුගඩු දීමනාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ද ලබා ගැනීමේ හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Share This