ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කෙරේ

ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කෙරේ

2020 වසරේ පැවති අමෙරිකා ජනාධිපතිවරණ ප්‍රථීඵල වෙනස් කිරීමට උත්සාහ කල බවට චෝදනා කරමින් අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කර තිබෙනවා.

ඔහුට චෝදනා 04 ක් ගොණු කර ඇති අතර රටට එරෙහි කුමන්ත්‍රණය – පුරවැසියන්ගේ අයිතීන් උල්ලංඝනය යන බරපතල චෝදනා ද ඊට අයත්.

මීට අදාළව හිටපු ජනාධිපතිවරයා හෙට දිනයේදී වොෂින්ටන් නුවර අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මෙම චෝදනා සඳහා වසර 20 ක් බැගින් වන සිර දඩුවම් නියම කල හැකියි.

නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩ්න් දිවුරුම්දීමට දින කිහිපයකට පෙර කැපිටොල් ගොඩනැගිල්ලේ සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා.

රහසිගත ලේඛණ වංචාවකට අදාළව සහ නිල් චිත්‍රපට නිළියකට මුදල් දීමේ සිද්ධියකට අදාළවද ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව මේ වනවිටත් චෝදනා ගොණු කර අවසන්.