වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක් එක්වෙයි

වට්ස්ඇප් සඳහා නව විශේෂාංගයක් එක්වෙයි

වට්ස්ඇප් (WhatsApp) තුළ වීඩියෝ ඇමතුම් අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා එහි නවතම විශේෂාංගය ලෙස තිර බෙදාගැනීම (screen sharing) හඳුන්වාදී තිබේ.

ඒ මයික්‍රෝසොෆ්ට් මීට් (Microsoft Meet), ගූගල් මීට් (Google Meet), සහ සූම් (Zoom) මෙන්ම ඇපල් ෆේස්ටයිම් (Apple’s FaceTime) ඇතුළු සාම්ප්‍රදායික වීඩියෝ සම්මන්ත්‍රණ යෙදුම් වල අභාෂය ලබා ගනිමිනි.

මෙටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් විසින් ෆේස්බුක් සටහනක් හරහා සහ ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් නාලිකාව හරහා ප්‍රකාශයට පත් කළේ විශේෂාංගය, වීඩියෝ ඇමතුම් වලින් ලබා ගත හැකි සම්බන්ධතා සමඟ ඔබේ ලේඛන, ඡායාරූප සහ සාප්පු සවාරි පවා ඒ හරහා බෙදා ගැනීමට ඔබට ඉඩ සැලසෙන බව දන්වමිනි.

Share This