තවත් රටක් TikTok තහනම් කරයි

තවත් රටක් TikTok තහනම් කරයි

ඕස්ට්‍රේලියාවේ ටික්ටොක් යෙදවුම් භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම තහනම ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට තීරණය කර ඇති බවයි, එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

ආරක්ෂක හේතූන් මත රජයට අයත් සියලුම උපාංගවලින් ටික්ටොක් යෙදවුම තහනම් කිරීමට තීරණය කර තිබේ.

මේ වන විට බ්‍රිතාන්‍යය, නවසීලන්තය, කැනඩාව සහ ඇමරිකාව ටික්ටොක් යෙදවුම සඳහා තහනමක් පනවා ඇත.

Share This