ඊශ්‍රායලය ගාසා හි රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 500ක් මරුට

ඊශ්‍රායලය ගාසා හි රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 500ක් මරුට

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන සිවිල් වැසියෝ 500 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් සිය ගණනක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල ගුවන් හමුදාව දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා වී රැදී සිට ඇත්තේ මෙම අල් ආහිල් රෝහලේ බව ද පැවැසෙයි.

ඊට අමතරව, එක්සත් ජාතීන්ගේ ආධාර මත ගාසා තීරයේ ඉදි කර තිබුණු පාසල් සංකීර්ණයක් ද ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් විනාශ විය.

අද (18) ඊශ්‍රායලයට පැමිණෙන්න සූදානමින් සිටින ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්, රෝහලට එල්ල වුණු ප්‍රහාරය සම්බන්ධයෙන් දුරකතන මාර්ගයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පැවැත්වීය.

Share This