ත්‍රීරෝද රථයක් කැබ් රථයක ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

ත්‍රීරෝද රථයක් කැබ් රථයක ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට

වැල්ලවාය – තණමල්විල මාර්ගයේ නුුු⁣ගේයාය ප්‍රදේශයේදි ඊයේ (04) රාත්‍රි ත්‍ර්‍රී රෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

මේ අනතුරෙන් කුඩා ළමයෙකු ද තුවාල ලබා වැල්ලවාය රෝහලට රෝහලට ඇතුළත් කෙරුණා.

කැබ් රථයේ රියදුරු එය ධාවනය කර තිබෙන්නේ බීමතින් බව පොලීසිය පවසනවා.

අධික වේගයෙන් ධාවනය වු කැබ් රථය විරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටී ඇති අතර අනතුරින් ත්‍රිරෝද රථයේ ගිය වැල්ලවායේ පදිංචි පොලිස් සැරයන්වරයෙකු, ඔහුගේ බිරිද හා පියා මියගියා.

බීමතින් සිටි කැබ් රථයේ රියදුරු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන පසුව පොලිසියට භාරදෙනු ලැබුවා.

අනතුරින් පසුව කැබ් රථයේ ගිය තවත් කිහිපදෙනෙකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පැවසෙනවා.

 

Share This