පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ

පාකිස්තාන යුවතියකට ඉන්දියානුවෙකුගේ හදවතක් බද්ධ කෙරේ

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.

චෙන්නායි නුවර MGM හෙල්ත්කෙයාර් රෝහලේ දී මෙම හදවත් බද්ධ සැත්කම සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ

සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.

රුපියල් ලක්ෂ 35 කට වැඩි මුදලක් වැයවන මෙම සැත්කම වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්ව නොමිලේ සිදුකර ඇති බවයි වාර්තා වන්නේ .

19 හැවිරිදි අයේෂා රෂාන් නැමැති මෙම තරුණිය ඇයගේ හෘද පොම්ප කපාටයක කාන්දුවක් තිබීම හේතුවෙන් හෘද රෝගයකින් පෙලුණු තැනැත්තියක් බව සඳහන්.

ඇයව ජීවත් කිරීමට නම් සම්පූර්ණ හදවතක් බද්ධ කිරීමට අවශ්‍ය බවයි වෛද්‍යවරුන් පවසා තිබුණේ.

ඒ, අනුවයි මෙලෙස ඇයට මොළය මියගිය ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථක ලෙස බද්ධ කර ඇත්තේ.

සැත්කමට භාජනය වූ තරුණිය මේ වනවිට ක්‍රමයෙන් සුවය ලබමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

Share This