මන්දකට හසු වී කදුකර කොටියෙකු මරුට

මන්දකට හසු වී කදුකර කොටියෙකු මරුට

මස්කෙලිය බ්‍රවුන්ස්වික් තේ වත්තේ මන්දකට හසු වි මියගොස් සිටි කදුකර කොටියෙකුගේ සිරුරක් (29) දින සොයාගත් බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.

සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් තේ වත්තේ අටවා තිබු කම්බි සහිත මන්දකට ගොදුරු සොයා පැමිණි කදුකර කොටියා හසු වි ඇති බවත්, මන්දෙන් මිදි පලා යාමට කොටියා උත්සහ කිරිම නිසා කොටියා මියගොස් ඇති බවයි වනජිවි නිලධාරින් කියා සිටියේ.

මන්දට හසු වි මියගොස් ඇති කදුකර කොටියා අවු 06 පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි සතෙකු බවත්, කදුකර කොටියාගේ සිරුර හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර නියෝගයක් රැගෙන මියගිය කදුකර කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා රණ්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.