HIV අසාධිතයින්ට සුබ පණිවිඩයක්

HIV අසාධිතයින්ට සුබ පණිවිඩයක්

ශරීරයට HIV ආසාදනය වීම නවත්වන ඖෂධයක් වන PrEP ඉතා ඵලදායී HIV වැළැක්වීමේ ප්‍රතිකාරයක් බව අධ්‍යයනයකින් තහවුරු වී තිබේ.

එංගලන්තයේ 24,000ක පිරිසක් මෙම පර්යේෂණය සඳහා යොදාගත් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, මිනිසුන් දහස් ගණනක් දැනටමත් ලිංගික සෞඛ්‍ය සායන හරහා PrEP ඖෂධය ලබා ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

HIV දයාවේ ආයතනයක් වන Terrence Higgins Trustට ඖෂධය ලබාගැනීමට පහසු ප්‍රවේශයක් අවශ්‍ය බව නිවේදනය කර තිබේ.

Chelsea සහ Westminster Hospital NHS Foundation Trust සමග PrEP Impact Trial මෙහෙයවූ UK Health Security Agencyය පවසන්නේ මෙම ඖෂධ පරීක්ෂණය මෙතෙක් සිදුකර ඇති විශාලතම පරීක්ෂණය බවයි.

එය 2017 ඔක්තෝබර් සහ 2020 ජූලි මාසය අතර එංගලන්තය පුරා ලිංගික සෞඛ්‍ය සායන 157කදී සිදුකළ බවයි, සඳහන් වන්නේ.

PrEP භාවිතා කිරීම මගින් HIV වැළඳීමේ සම්භාවිතාව 86% කින් අඩු කරන අතර සායනික පරීක්ෂණ මගින් එය 99% ඵලදායී බව තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.