උසස් පෙළ විභාගය මේ වසර අවසන්වීමට පෙර

උසස් පෙළ විභාගය මේ වසර අවසන්වීමට පෙර

අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (07) පැවසීය.

එමෙන්ම, අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මුල් කාර්තුවේදී පවත්වන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ, ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව අවසන් අදියරට පැමිණ තිබෙනවා. එය අවසන්වූ වහාම සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ආරම්භ කරනවා. විභාග දෙපාර්තමේන්තුව ඒ කටයුතු සූදානම් කරනවා.”