දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා

දෙසැම්බර් දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා

ලබන දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්ත නිවාඩුව හා පාසල් නිවාඩුව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල හා කන්කසන්තුරය දක්වාත් මහනුවර සිට බදුල්ල දක්වාත් මෙම විශේෂ දුම්රිය ධාවනයට එක් කිරීමට නියමිතයි.

දෙසැම්බර් මාසයේ දීර්ඝ සති අන්තය 23 සෙනසුරාදා, 24 ඉරිදා, 25 සඳුදා (නත්තල), 26 අඟහරුවාදා (උදුවප් පොහොය) යෙදී තිබේ.

දුම්රිය කාල සටහන පහත පරිදි වෙයි,