වැඩබලන පොලිස්පති දේශබන්දු

වැඩබලන පොලිස්පති දේශබන්දු

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා අද පස්වරුවේ වැඩබලන බලන පොලිස්පති ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙතෙක් පොලිස්පති ධුරයේ කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වනදා සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බවට පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වී තිබුණි.

ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි.

සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුට මාස 3ක සේවා දිගුවක් ලබාදුන් අතර එම කාලය අවසන්වීමෙන් පසු ජූලි මස 9 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි තවත් මාස 3ක සේවා දිගුවක් ඔහුට හිමිවිය.

තෙවන වරට තවත් සති 3ක සේවා දිගුවක් පසුගිය ඔක්තෝබර් 13වනදා සී.ඩී. වික්‍රමරත්න මහතාට ලබාදුන් අතර සිව්වන වරට ලබාදුන් සේවා දිගුව නොවැම්බර් මස 3 වනදා සිට 24 දිනය දක්වා ක්‍රියාත්මක විය.

Share This