තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ජේ.එම්. තිලකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත.

එම පත්වීම අප්‍රේල් 01දා සිට බලපැවැත්වෙන අතර ඊට අදාල ලිපිය ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේදී ඇය වෙත පිරිනමා තිබේ.

තිලකා ජයසුන්දර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියකි.

ඇය 2021 වසරේ රජයේ කාර්ය සාධන කළමනාකරණය සහ මිනුම්කරණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය විශිෂ්ටතා සම්මානලාභිනිය වේ.

වර්තමානයේ ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරයි.

මීට පෙර ඇය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, සුළු අපනයන බෝග සංවර්ධන හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරිය ලෙසද, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කර ඇති අතර, ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) පළමු කාන්තා සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.

Share This