අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

පාසල්වලින් ස්ථාන මාරු නියෝග යටතේ නිදහස් කළ සියලු ගුරුවරුන් ස්ථාන මාරු ලැබූ පාසලේ විදුහල්පතිවරයා විසින් භාර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මේ පිළිබඳ උපදෙස් ඇතුළත් ලිපියක්ද විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කරුණු මුල් කර ගනිමින් ස්ථාන මාරු නියෝග අනුව කටයුතු කිරීමට නොහැකි ගුරුවරුන්ගෙන් අභියාචනා භාර ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ පිළිබඳ අධ්‍යයනයට කමිටුවක් ද පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවේ,වසර 10කට වැඩියෙන් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් ස්ථාන මාරු කිරීමට පසුගියදා පියවර ගත් බවයි.

කෙසේ වෙතත් ස්ථාන මාරු ලැබූ ගුරුවරුන් ඇතැම් පාසල්වලින් භාර නොගන්නා බවට මේ වනවිට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇතැයි එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

Share This