කතරගම හිටපු පොහොට්ටු ප්‍රා. සභා සභාපති සහ හිටපු පොහොට්ටු මන්ත්‍රී ගුටි කෙළියක

කතරගම හිටපු පොහොට්ටු ප්‍රා. සභා සභාපති සහ හිටපු පොහොට්ටු මන්ත්‍රී ගුටි කෙළියක

කතරගම ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු සභාපතිවරයා හා පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිගයාමෙන් ගුටිබැට හුවමාරුවක් සිදුව ඇතැයි කතරගම පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී 7.30ට පමණ කතරගම නගරයේ මැද වීදියේ වෙළද සැලක් අසල දී එලෙස ගුටිබැට හුවමාරුව සිදුව ඇත්තේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමු‍ණේ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති 40 හැවිරිදි චානක අමිල් රංගන හා එම පක්ෂයේම මන්ත්‍රී වරයෙකු වන 39 හැවිරිදි හේවා රයිගම් කෝරලගේ දසුන් ඉන්දික‍ නැමති දෙදෙනා අතරය.

පසුව රාත්‍රි 08.30 ට හිටපු සභාපතිවරයාත්, රාත්‍රි 09.30ට පමණ මන්ත්‍රිවරයාත් වෙන වෙනම ගොස් කතරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර දෙදෙනා සදහාම අධිකරණ වෛද්‍ය පෝරම් නිකුත් කිරිමටද පොලිසිය කටයුතු කර තිබේ.

සිද්ධියෙන් කිසිවෙකුටත් බාහිරින් කිසිදු තුවාලයක් සිදුව නොමැති බව මුලික පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Share This