පොලිසිය නිවසට එද්දී දමිතා පැන ගිහින්

පොලිසිය නිවසට එද්දී දමිතා පැන ගිහින්

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බවට පරිගණක අපරාධ කොට්ඨාසයෙන් චෝදනා ගොනු කර ඇති ප්‍රවීණ රංගනවේදිනි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඉල්ලිම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (27) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිය අපේක්ෂිත ඇපය ඉල්ලමින් තමන් මෙරට ප්‍රවීණ නිළියක වන බවත් දේශපාලනයේ නිරත බවත් කියමින් අපකීර්තියක් ඇති කිරිමට උත්සාහ දරා ඇතැයි කියා සිටීම ප්‍රතික්ෂේප කරන බව තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නියෝගයෙන් පෙන්වා දී තිබෙනවා.

එසේම ඔවුන් දෙදෙනාට අදාළව පරිගණක අපරාධ කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනය එවැනි චේතනාවකින් සිදු කර නැති බව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුගේ තීන්දුවේ දක්වා ඇති අතර නිසි පරිදි විමර්ශන සඳහා සහාය නොදැක්වීම, අධිකරණය මග හැර සිටීම, පවතින නඩු තිබීම සහ ආගමන විගමන පනත යටතේ ඇප ලබාදීමට මෙම අධිකරණයට අධිකරණ බලයක් නොමැතිවීම යන කරුණු මහේස්ත්‍රාත්වරයා නියෝගය ඉදිරිපත් කරමින් දක්වා තිබෙනවා.

ඒ අනුව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාව අත්අඩංගුවට ගැනීම සඳහා CID විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රී ඔවුන්ගේ නිවස වෙත ගොස් තිබෙනවා.

නමුත් ඒ වන විටත් ඔවුන් නිවසින් පලාගොස් ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

Share This