web hit counter
අද කාලගුණයේ වෙනසක්

අද කාලගුණයේ වෙනසක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් අද (24) වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතින බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බව සඳහන්.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )