කඩොල් ඇතුගේ දළ යුගලය ප්‍රදර්ශනයට

කඩොල් ඇතුගේ දළ යුගලය ප්‍රදර්ශනයට

කතරගම දෙවියන්ගේ ඇසළ මංගල්‍යය පැවැත්විමට සමගාමීව ක්‍රි.පු (161-137) දුටුගැමුණු රජතුමාගේ කඩොල් ඇතුගේ ඇත් දළ යුගල මේ දිනවල දේවාලයේ ප්‍රධාන මණ්ඩලය වෙත රැගෙන විත් තිබේ.

ඓතිහාසික වටිනාකමක් ඇති මෙම ඇත් දළ හිමි කඩොල්ඇතු දුටුගැමුණු රජතුමා එළාර රජු සමග කරන ලද යුද්ධයේ දී ඉමහත් වූ සේවයක් කල හස්තියකු ලෙස ඉතිහාසයේ සඳහන් වෙයි.

මේ දිනවල කතරගම දේවාලයේ වන්දනා කිරිමට පැමිණෙන බැතිමතුන් මෙම ඇත් දළ යුගල දැක ගැනීමට දැඩි කැමැත්තක් දක්වයි.

කතරගම දේවාලයේ දෙවියන්ගේ රැව සහිත තිරය ඉදිරිපස මෙම ඇත් දළ යුගල ප්‍රදර්ශනය සදහා තැම්පත් කර ඇත.