web hit counter
ගාලු මුවදොරට ගොඩ ගසා තිබූ හිමිනම හඳුනාගැනේ

ගාලු මුවදොරට ගොඩ ගසා තිබූ හිමිනම හඳුනාගැනේ

කොළඹ ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී සොයා ගත් දේහය මාවනැල්ල සම්බෝධි විහාරස්ථානයේ වැඩ වාසය කළ ගල්පොලසිරිනන්ද හිමියන්ගේ බවට හඳුනා ලැබූ බව කොටුව පොලිසිය පවසයි.

සිරිනන්ද හිමියන් අපවත් වන විට 38 හැවිරිදි වියේ පසු වී ඇත.

සිරිනන්ද හිමියන්ගේ දේහය සම්බන්ධ වූ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර කොටුව පොලිසිය මෙම හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )