වැරදුණු කොටි කුරුමානම

වැරදුණු කොටි කුරුමානම

මස්කෙලිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇති කරන ලද සුනඛයෙකු කදුකර කොටියෙකු පැමිණ ගොදුරු කර ගැනිමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී යාමෙන් සුනඛයාගේ දිවි බේරී තිබේ.

නිදාගෙන සිටි සුනඛයා එකවරම කෑ ගසන හඩ ඇසි නිවසේ හිමිකරු බලන අවස්ථාවේදී කදුකර කොටියා සුනඛයා ගොදුරු කරගෙන දිව යන අයුරු දැක කෑගසමින් කදුකර කොටියා පසුපස දිවයන විට කොටියා සුනඛයා අතහැර පලායයි.

කදුකර කොටියාගෙන් මිදි දිවි ගලවාගත් සුනඛයාට සුළු තුවාල පමණක් සිදු වි ඇති බවට වාර්තා වේ.

මස්කෙලිය ප්‍රදේශයේ තේ වතු ආශ්‍රිතව කදුකර කොටියන් විශාල ප්‍රමාණයක් වෙසෙන අතර , එම කොටියන් නිවාස වල සුරතලයට ඇති කරන සුනඛයින් රැගෙන යාම සුලභ දෙයක් බවයි මස්කෙලිය ප්‍රදේශවාසින් කියා සිටියේ.