පොසොන් දන්සැල් පැවැත්වීම ගැන දැනුම් දීමක්

පොසොන් දන්සැල් පැවැත්වීම ගැන දැනුම් දීමක්

පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වන දන්සල් පිළිබඳ තොරතුරු තම ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවල සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දැන්විය යුතු බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා.

මේ ආකාරයට තොරතුරු ලබා දෙන සෑම ප්‍රද්ගලයෙකුමට සෞඛ්‍ය ආරක්ෂිතව දන්සලක් පවත්වාගෙන යන ආකරය පිළිබඳව උපදෙස් ලබා දිමට කටයුතු කරන බවද එම සංගමයේ ලේකම් මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. අයි. බෝපිටියගේ මහතා සඳහන් කළා.

පොසෙන් උත්සවය වෙනුවෙන් පවත්වන සියලුම දන්සල අදාළ දිනවලදි පරික්ෂාවකට ලක් කරන බවත් ඒ සදහා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් 2,400 ක් සේවයේ යොදවන බව ද පැවසුවා.

දන්සලක් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අමතරව කැලිකැසල නිසිලෙස බැහැර කිරිමත් ඉතාමත් වැදගත් බවත්, ඒ අනුව දන්සලක් පැවැත්වීම පිළිබඳව ලියාපදිංචිය ලබා ගන්නා සෑම සංවිධායකවරුයෙකුටම ඒ පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share This