තාරක බාලසූරිය ආර්ථික ස්ථායීකරණය කාරක සභාවේ සභාපති ධූරයට

තාරක බාලසූරිය ආර්ථික ස්ථායීකරණය කාරක සභාවේ සභාපති ධූරයට

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය.

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී මෙම පත් කිරීම සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා එම යෝජනාව ස්ථිර කළේය.

Share This