ගබඩාවක ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

ගබඩාවක ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙක් මරුට

පේදුරුතුඩුව, මුහුදු වෙරළ පාර, මුනෙයි ප්‍රදේශයේ පිහිටි ගබඩාවක අද (02) අලුයම ගින්න හටගත් ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු පිලිස්සී මිය ගොස් ඇත.

මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක මෙම ගින්න ඇතිව තිබෙන බව පොලිසිය සදහන් කරයි.

ගින්නෙන් පිලිස්සී මියගොස් ඇත්තේ අවුරුදු 37ක් සහ 45ක් වූ උඩුපුස්සැල්ලෑව, ලෝමන්ට්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයින් වේ.

මෙම පුද්ගලයික් දෙදෙනා මාළු වාඩිය තුළ රැදී සිටිමින් රැකියා කටයුතු සිදු කර ඇත. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පේදුරුතුඩුව පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.