අම්බලන්ගොඩ ධර්මාශෝකේ නියෝජ්‍ය ‌විදුහල්පතිට වෙඩි තියයි!

අම්බලන්ගොඩ ධර්මාශෝකේ නියෝජ්‍ය ‌විදුහල්පතිට වෙඩි තියයි!

අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා මහතා තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි.

නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුවී ඇති බව පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු තැබූ මේ වෙඩි පහරින් තුවාල ලැබූ පුද්ගලයා වෙඩි පහර කාගෙනම යමින් සිටි යතුරු පැදියෙන්ම අම්බලන්ගොඩ පොලීසියට පැමිණ තිබේ.

මේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් මෙය පැය දොළහක් තුළ අම්බලන්ගොඩ සිදුවූ දෙවැනි වෙඩි තැබීම බවද පොලීසිය පවසයි.

මේ අතර ඊයේ (25) රාත්‍රියේ වතුගෙදර අඳාදොළ ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

දැනට ඇප මත සිටින අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කරමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවද පොලීසිය පවසයි.

ඔහු අසල්වාසී නිවසක පැවති මගුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියකින් යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය කියයි.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී සැකකරු ගමන් ගත් යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලීසිය කියයි.