ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවිසැරිය නිමා කරයි

ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා දිවිසැරිය නිමා කරයි

ලංකාවේ විශිෂ්ටතම ලේඛිකාවක සහ පුවත් කර්තෘවරියක වූ අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

1941 ජනවාරි 27 වනදා අම්බලන්ගොඩ, පොල්වත්ත ගම්මානයේ උපත ලද අනුල ද සිල්වා මහත්මිය, සිය පළමු නවකතාව වන ‘උන්මන්තකයෝ’ ප්‍රකාශයට පත් කළේ 1964 වර්ෂයේය.

ඉනික්බිති සිය ලේඛනය තුළ ඇය නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට අධික ප්‍රමාණයක් රචනා කළාය.

අනුල ද සිල්වා මහත්මිය ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ද ඇගේ දායකත්වය ලබා දුන් අතර, අවස්ථා කිහිපයක දී ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවන්නියක ලෙස ද කටයුතු කළාය.

මියයන විට 82 වන වියේ පසුවූ අනුල ද සිල්වා මහත්මියගේ දේහය, අවසාන ගෞරවය දැක්වීම සඳහා ඉරිදා සිට ජයරත්න මල් ශාලාවේ තැබෙන අතර, අවසන් කටයුතු ලබන 14 වන සඳුදා බොරැල්ල දී සිදුකිරීමට නියමිතයි.

ලී පහුර | M.D. Gunasena

anula de silva | M.D. Gunasena

Anula de Silva – Keheli.lk

Bookmark.lk

 

Share This