මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුව, දුංගල්පිටිය, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයකු රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කරුවන් දෙදෙනෙකු අද (12) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි, පොලීසිය සඳහන් කළේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා මීගමුව් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු 25 හැවිරිදි වියේ පසුවන්නෙක්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.