කටුනායක කොළඹ බස් වර්ජනය අවසන්

කටුනායක කොළඹ බස් වර්ජනය අවසන්

මාර්ග අංක 187 කටුනායක ගුවන්තොටුපල – කොටුව සුඛෝපභෝගී පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කර තිබෙනවා.

ඒ, සිය ගැටලුවලට විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිදු කළ පොරොන්දුව හේතුවෙන්.

මෙම දෙපිරිස අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ සිදු වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඒ අනුව බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මදුරගේ මහතා කියා සිටියේ.

පසුගිය 26 වනදා සිට මෙම වර්ජනය ක්‍රියාත්මක වී තිබෙනවා..

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )