කැළණි ගඟේ ඉහලට තද වැසි

කැළණි ගඟේ ඉහලට තද වැසි

කැළණි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (28) දින පස්වරුවේ පැයක පමණ කාලයක් තද වැසි පතිත වු බව ගිනිගත්හේන ප්‍රදේශවාසින් පැවසිය.

ඊයේ (28) දින පස්වරු 5 සිට 6 පමණ වන තෙක් පැයක පමණ කාලයක් යටියන්තොට තණකොල වත්ත, කිතුල්ගල, ගිනිගත්හේන කළුගල සහ පොල්පිටිය සමනල ජල විදුලි බලාගාර පෝෂක ප්‍රදේශවලට මෙසේ වර්ෂාව පතිත වී තිබේ.

එම ප්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පැවති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගගේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පැවතුණි.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )