වසර මිලියන 47 කට පෙර සිටි යෝධ සර්පයෙකුගේ පොසිලයක් හමුවෙයි

වසර මිලියන 47 කට පෙර සිටි යෝධ සර්පයෙකුගේ පොසිලයක් හමුවෙයි

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් යෝධ සර්පයෙකුගේ පොසිල අස්ථි කැබලි ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවී තිබේ.

බටහිර ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පතලකින් සොයාගත් මෙම යෝධ සර්පයාගේ පොසිල අස්ථි කැබලි අනුව උගේ දිග අඩි 36ත්, 50ත් අතර සහ බරින් ටොන් එකක් වන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.

මෙම සර්පයා ‘වාසුකි ඉන්ඩිකස්’ යන නමින් නම් කර ඇත. වාසුකී යනු, ශිව දෙවියන්ගේ ගෙළ වටා සිටින නාග රාජයාය.

පිඹුරු විශේෂයකට අයත් බව පැවැසෙන මෙම පැරණි යෝධ සර්පයා වසර මිලියන 47කට පෙර ඉන්දියාව පුරා වාසය කරන්නට ඇති බවට විශ්වාස කෙරෙන අතර, මෙතෙක් ජීවත් වු විශාලතම සර්පයන්ගෙන් එකෙක් විය හැකි බවයි විද්‍යාඥයන් මත පළ කරන්නේ.

වර්තමානයේ ජීවත්වන විශාලතම සර්පයා වන්නේ අඩි 32 ක දිගින් යුත් ආසියාවේ රෙටිකියුලේටඩ් පිඹුරායි.

Share This