දුම්රිය වර්ජනය අඛණ්ඩව

දුම්රිය වර්ජනය අඛණ්ඩව

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් ආරම්භ කළ වැඩවර්ජනය දින නියමයක් නොමැතිව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනේරු සංගමය පවසයි.

2015 හා 2017 වර්ෂවලදී සේවයට බැඳුණු දුම්රිය රියැදුරන් 84 දෙනෙකුගේ උසස්වීම් ගැටලුවක් මුල් කර ගනිමින් එම රියැදුරුන්ගෙන් කොටසක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළේ ඊයේ (06) රාත්‍රියේදීය.

වර්ජනය හේතුවෙන් උදෑසන ධාවනය වන කාර්යාල දුම්රියවලට වැඩි බලපෑමක් එල්ල නොවුණ ද අද පස්වරුවේ ධාවනය වන දුම්රිය සඳහා එය බලපෑ හැකි බව දුම්රිය බලධාරීන් අනතුරු අඟවා තිබේ.