තිළිණි ප්‍රියමාලිගේ නඩුවක් කල්යයි

තිළිණි ප්‍රියමාලිගේ නඩුවක් කල්යයි

වාහනයක් ලබාදෙන බව පවසා මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව අගෝස්තු 11 වැනි දා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

මෙම නඩුව අද (05) කැඳවූ අවස්ථාවේ විත්තිකාර තිළිණි ප්‍රියමාලි අධිකරණයේ පෙනී නොසිටි අතර ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පවසුවන නිසා පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව, නඩුව අගෝස්තු මස 11 වනදා යළි කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එම නඩුවාරයේදී පිළිගත් වෛද්‍ය වාර්තාවක් සමග විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටත් නියෝග කළේය.

2010 වසරේ මාතර ප්‍රදේශයේ පුද්ගලයෙකුට වාහනයක් ලබා දෙන බව පවසා එම පුද්ගලයාගෙන් රුපියල් ලක්ෂ 80ක මුදලක් ලබාගෙන එය සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.