වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ත්‍රිරෝද රථයකින් යමින් සිටි පුද්ගලයකු ඉලක්කකර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා මෝදර, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක පුද්ගලයෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Share This