ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු 6කට වරෙන්තු

ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු 6කට වරෙන්තු

අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණයක් සිදුකළ බවට වන චෝදනාව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් ඇතුළු හයදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (07) වරෙන්තු නිකුත් කළා.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 50 දෙනෙකුට එරෙහි නඩුව අද කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනුයි අදාළ සැකකරුවන්ට මෙලෙස වරෙන්තු නිකුත් කළේ.