සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් උද්ඝෝෂණයේ

වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනා තමාට ද ලබා දෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (30) දහවල් උද්ඝෝෂණ සංවිධාන කර තිබේ.

හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, කළමනාකරණ සේවා කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිස් ඊට එක් වන බවයි, ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය පැවසුවේ.

මේ අතර ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැමිපිටියේ සුගතානන්ද හිමි ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ ලිපියක් භාර දී තිබේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ, කාර්ය මණ්ඩල සේවකයන්ගේ දීමනාව ජනවාරි 30 වන දින වන විට රුපියල් 8000කින් වැඩි කර දෙන ලෙසයි.

Share This