පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව් වසරයි

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට අදට සිව් වසරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට(21) සිව් වසරක් වනවා.

ඒ අනුව අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර තිබෙනවා

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිත වනවා.

කතෝලික සභාව සදහන් කළේ අදාළ ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා මෙම ජනපවුර නිර්මාණය කරන බවය.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඊයේ රාත්‍රී පාගමනක් ආරම්භ කර තිබූ අතර ඊට සමගාමීව විශේෂ රාත්‍රී දේව මෙහෙයක්ද පවත්වා තිබෙනවා.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයන් 45ක්, පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ අතර, තවත් 500කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.