රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක්

දිවයිනේ සියලුම රාජ්‍ය ආයතන පෙබරවාරි 28 හෝ ඊට පෙර තම වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදිය යුතු බව විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ.

ඉන් පසු වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශ ගත වාර්තාව ඒ ඒ ආයතන වෙත ලබා දෙන බවයි, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසුවේ.

අදාළ විගණන කටයුතු සඳහා මාස 3ක කාලයක් ප්‍රමාණවත් බව ද විගණකාධිපතිවරයා පැවසීය.

මැයි 31 වැනි දාට පෙර වාර්ෂික මූල්‍ය ප්‍රකාශන වාර්තාව සමග පළ කිරීම සඳහා වන විගණකාධිපතිගේ සාරාංශගත වාර්තාව නිකුත් කරේ.

Share This