ශ්‍රි පාද වන්දනා සමය ඇරඹි පළමු තුන් මස ඇතුළත ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 3ක් එකතු වෙලා

ශ්‍රි පාද වන්දනා සමය ඇරඹි පළමු තුන් මස ඇතුළත ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 3ක් එකතු වෙලා

ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුල නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් තුනක් පමණ එක්රැස් කර ඇති බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පැවසිය.

එම මාර්ගයේ ගමන් ගන්නා වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරිමට කසල බදුන් සවි කර ඇති බවත්, ඇතැම් වන්දනාකරුවන් ප්ලාස්ටික් වතුර බෝතල් කසල බදුන් වලට බැහැර කරන අතර , තවත් වන්දනාකරුවන් පිරිසක් ප්ලාස්ටික් වතුර බෝතල් පරිසරයට මුදා හරින බවයි ලේකම්වරයා කියා සිටියේ.

තවද වන්දනාකරුවන් රැගෙන යන පිසු ආහාර ද්‍රව්‍ය අනුභව කර ඉන් ඉවත ලන කැලි කසල වර්ග කර කැලි කසල බැහැර කිරිමට සකස් කර ඇති බදුන් වලට බැහැර කරන ලෙසට උපදෙස් ලබා දි තිබුණද එම උපදෙස් ඇතැම් වන්දනාකරුවන් විසින් නොපිලිපදින බවයි ලේකම්වරයා කියා සිටින්නේ.

ශ්‍රි පාද වන්දනාකරුවන් විසින් බැහැර කර තිබු ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැලි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් එම ප්ලාස්ටික් වතුර බෝතල් පෞද්ගලික අංශය වෙත අලෙවි කරන බවද ලේකම්වරයා පැවසිය.

පවතින අධික වියළි කාලගුණයත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ පානිය ජල ගැටළුවක් මතු වි ඇති බවත්, එම ජල ගැටළුව විසදිමට ජල සම්පාදන මණ්ඩලය සමග සාකච්ඡා කරන බව මස්කෙලිය ප්‍රාදේශිය සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් පැවසිය.

Share This