IMF පළමු සමාලෝචනය සැප්තැම්බරයේ!

IMF පළමු සමාලෝචනය සැප්තැම්බරයේ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ පළමු සමාලෝචනය එළඹෙන සැප්තැම්බර් මාසයේදී සිදුකරන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පැවසීය.

පීටර් බෘෘවර් සහ මසහීරෝ නොසාකි ගේ ප්‍රධානත්වයෙන් මැයි 11 වනදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (23) සිය සංචාරය නිම කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙරටේ ආර්ථික සංවර්ධන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ඔවුන් මෙරටදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයේ යම් යම් සුභදායි වෙනස්කම් සිදුවුවද සමස්ථයක් වශයෙන් සාර්ව ආර්ථික සහ ප්‍රතිපත්තිමය වටපිටාව අභියෝගාත්මක බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ.