විපක්ෂයට IMF නි‍යෝජිතයන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව

විපක්ෂයට IMF නි‍යෝජිතයන් සමඟ සාකච්ඡාවකට අවස්ථාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් එහි ඉහළ පෙළේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සිදුකිරීමට විපක්ෂයට අවස්ථාව ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

අදාළ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව පිළිගත් විපක්ෂයේ පක්ෂ නායකයින් වෙත අවස්ථාව සලසා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එළැඹෙන සඳුදා (11) ජනාධිපති කාර්යාලයේදී රැස්වීමක් කැඳවා ඇති බවයි, ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

 

Share This