ශ්‍රී ලංකන් විකිණීමට ලංසු කැඳවයි

ශ්‍රී ලංකන් විකිණීමට ලංසු කැඳවයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයෙකුට විකිණීම සඳහා ලබන 05 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.

ආයෝජකයන්ට එදින උදේ10.00 සිට සවස 2.00 දක්වා ලංසු ඉදිරිපත් කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති අයෝජකයෙක් තෝරා ගැනීමට වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.

ලංසු විවෘත කර ඇගයීම සඳහා තාක්ෂණික කණ්ඩායමක් සහය දක්වන බවත් ලංසු ඇගයීම් වාර්තාව අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා කීවේය.

අවම වශයෙන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදුකළ හැකි මෙන්ම ගුවන් සේවයේ 6000 කට ආසන්න සේවකයන් පිරිස ආරක්ෂා කර ගත හැකි ආයෝජකයෙක් තෝරා ගැනීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.