වැලිපැන්නේ දී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි!

වැලිපැන්නේ දී තරුණයෙක් කපා කොටා ඝාතනය කරයි!

වැලිපැන්න පොලිස් වසමේ, මල්වතු කන්ද ප්‍රදේශයේදී කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ, වැලිපැන්න, හොරවල, පැලකැටියාගොඩ පදිංචි මල්ලවආරච්චි කංකානම්ගේ තරිඳු ධනංජය නමැති 33 හැවිරිදි අයෙකි.

දියඋල්පත, හොරවල, වැලිපැන්න පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මුලික පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී මීට පෙර ගිනි අවියක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගිනි අවිය පිළිබඳව මියගිය අය විසින් පොලිසියට තොරතුරු ලබාදුන් බවට සැකකරු මියගිය අය සමග ඇතිවූ ආරවුලක් අතරතුර සැකකරු විසින් පිහියකින් ඇන මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මරණයට පත් පුද්ගලයා පැලකැටියාගොඩ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක් අසල රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු හා බහින්බස්වීමක් සිදුව ඇති අතර එම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු එකවරම මරණකරු වෙත පිහි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම පිහි ප්‍රහාරයෙන් තුවාල ලැබූ මරණකරු අසල පිහිටි නිවසක් වෙත දිව ගොස් තිබේ.

ඉන් පසුව ඔහු එම නිවසේ මිදුලේ ඇද වැටීමත් සමගම මොවුන් දෙදෙනා මරණකරුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට පිහි පාරවල් කිහිපයක්ම එල්ල කර ඇති අතර ඉන්පසු එම පුද්ගලයින් දෙදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

පිහි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ මරණකරු ප්‍රදේශවාසීන් විසින් ඔහුව මතුගම වෑත්තෑව රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම පුද්ගලයා මියගොස් ඇතැයි වෑත්තෑව රෝහල සඳහන් කළේය.

Share This