ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ICC ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

සිම්බාබ්වේහිදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

15 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමට දිමුත් කරුණාරත්න මෙන්ම මතීෂ පතිරණ ද ඇතුළත් කර තිබේ

කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, වනිදු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, ළහිරු කුමාර, මහීෂ් තීක්ෂණ සහ දුෂාන් හේමන්ත ඊට ඇතුළත් කර ඇති සෙසු ක්‍රීඩකයින් වෙයි.

තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතය.

 

 

Share This