පරණ කෝන්තරයකට 21ක් හැවිරිදි තරුණයාව පහරදී ඝාතනය කරලා

පරණ කෝන්තරයකට 21ක් හැවිරිදි තරුණයාව පහරදී ඝාතනය කරලා

පැරැණි ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් පිරිසක් විසින් තරුණයෙකුට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඝාතනය කර තිබේ.

හබරාදූව, කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (26) එම පහරදීම සිදුව ඇති අතර අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම තරුණයා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ, මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.

ඝාතනයට සම්බන්ධ බවට සැක කරන අවුරුදු විසි එකක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share This