ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් අතර හමුවක්

බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය හමුවී තිබේ.

එහිදී පොදුරාජ්‍ය මණ්ඩලය තුළ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව ජනාධිපතිවරයා හා මහලේකම්වරිය සාකච්ඡා කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, දේශගුණික විපර්යාස වලට මුහුණදීම සඳහා රජයේ උපාය මාර්ග සහ ප්‍රයත්නයන් සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයට සහය දැක්විය හැකි ආකාර‍ය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.

 

Share This