ශ්‍රීලනිප ලිපිගොනු අතුරුදන් වීම ගැන විමර්ශනයක් – පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමත් තහනම්

ශ්‍රීලනිප ලිපිගොනු අතුරුදන් වීම ගැන විමර්ශනයක් – පක්ෂ මූලස්ථානයට ඇතුළු වීමත් තහනම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපි ගොනු කිහිපයක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

මරදාන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඊයේ (05) දිනයේ මරදාන පොලීසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

එලෙස අස්ථානගතවී ඇති ලිපිගොනු අතර එම පක්ෂයේ පරිපාලන කටයුතුවලට ඉතා වැදගත්වූ ලිපිගොනු කිහිපයක්ද තිබී ඇති බව සඳහන් වන අතර මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව මරදාන පොලීසිය පවසනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් අද (06) කොළඹ පක්ෂ මූලස්ථානයට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ, පක්ෂයේ වත්මන් තත්ත්වය ඇතුළු කරුණු සාකච්ඡා කිරීම සඳහායි.

කෙසේ වෙතත් මේ වන විට කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයට ඇතුළුවීම පොලිසිය විසින් තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා විසින් ලිඛිතව මරදාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි

Share This