යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා හයක් විනාශ වෙයි

යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියානු ගුවන් යානා හයක් විනාශ වෙයි

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකදී රුසියානු ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර එහි සිටි සේවා නිලධාරීන් 20 දෙනෙකු පමණ එම ප්‍රහාරයෙන් මියයන්නට ඇති බවට ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ගුවන් තොටුපළේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් රුසියාවෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්‍රේනයට මායිම්ව පිහිටි කලාපයට ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු බලධාරීහු පවසයි.

රුසියානු හමුදා විශ්ලේෂක Pavel Aksyonov පවසන්නේ, කෙටි කාලයක් තුළ මෙතරම් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව යටපත් කළ හැකි බවයි.

Share This