දුමින්ද, ලසන්ත සහ අමරවීර ශ්‍රීලනිප තනතුරුවලින් එළවයි

දුමින්ද, ලසන්ත සහ අමරවීර ශ්‍රීලනිප තනතුරුවලින් එළවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ අමාත්‍ය මහින්ද අමරවීර යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඔවුන් දැරූ තනතුරුවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරය දැරූ දුමින්ද දිසානායක මහතා එම තනතුරින් ඉවත් කර තිබේ.

එසේම භාණ්ඩාගාරික ධුරයෙන් ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කළ මහින්ද අමරවීර යන මහත්වරුන්ව අදාළ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන්ට අදාළ තනතුරුවලින් ඉවත්වන ලෙස යෝජනාව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (30) පක්ෂ මූලස්ථානයේදී පැවති විධායක සභා රැස්වීමේ දී ඉදිරිපත් කර තිබේ.

එහිදී, පක්ෂයේ විධායක සභාවේ සියලුදෙනා එම යෝජනාව ඒකමතිකව ස්ථිර කර ඇති බවයි, වාර්තා වන්නේ.

ඒ අනුව, පුරප්පාඩු වූ එම තනතුරු සඳහා වෙනත් තිදෙනෙක් පත්කර ඇති බවයි, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ, අනුව ජාතික සංවිධායක ධුරයට මහියංගණය ආසන සංවිධායක කේ.පී ගුණවර්ධන ද, භාණ්ඩාගාරික ධුරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය හෙක්ටර් බෙත්මගේ සහ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරයට සරත් ඒකනායක ද පත්කර ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් අද (30) පෙරවරුවේ පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබූ අතර එහි විධායක සභාව විසින් මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වෙයි.

Share This